තම පක්ෂය සහ විපක්ෂයේ පොදු අපේක්ෂකයා අතර අත්සන් තැබුණු ගිවිසුමේ සෑම වගන්තියක්ම සකස් කෙරුණේ උදයගම්මන්පිල මහතාගේ මෙහෙයවීමෙන් බව ජාතික හෙළ උරුමය පවසයි.
ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී හෝ ගම්මන්පිල මහතා ඊට විරෝධය පළ කළේ නම් එය කිසිවිටෙකත් ඉදිරියට ගෙන යාමට තමන් වහන්සේ ඉඩ නොදෙන බව ජාතික හෙළ උරුමයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරයි.
අදාළ ගිවිසුම සියයට සියයක එකඟතාවයෙන් යුතුව අත්සන් තැබුණු බවත්, උදය ගම්මන්පිල මහතාගේ තීරණය සම්බන්ධයෙන් පක්ෂයට ගැටළුවක් නැති බවත්, අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේය.

Post a Comment