ආරක්ෂක සේවා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළ ගින්නක් හටගෙන තිබේ.

අද අළුයම විද්‍යාලයේ පරිපාලන අංශයට අයත් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


ගිනි නිවන ඒකකය නගර සභා නිලධාරින් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.


ගින්නෙන් අදාළ ගොඩනැගිල්ලේ තිබු පරිගණක කිහිපයක් සහ ලිපිගොනු කිහිපයක් විනාශ වී ඇත.


ගින්නට හේතුව මෙතෙක් අනාවණය වී නොමැති අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment