අනාගතය ජයගන්න අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකුගේම වගකීමක්

ජාත්‍යන්තර භාෂා දැනුම සහ තොරතුරු තාක්ෂණය පසෙකලා අනාගතය ජයගත නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුමන බලවේග පැමිණිය ද අනාගතය ජයගැනීම සඳහා අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකුගේම වගකීම බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ සියලු දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස්කරදීම සඳහා පසුගිය වසර කිහිපය තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බවයි.


නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ අද පෙරවරුවේ පැවති මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.


මෙවර අයවැය තුළින් සිසුන්ට මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව 45,000ක් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්ය.



Post a Comment