ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරන බව ජාතික සංඝ සම්මේලනය පවසයි.
රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට සහ නීතිය හා යහපාලනය හඳුන්වාදීමේ පියවරට සහය පළකිරීම සඳහා ජාතික සංඝ සම්මේලනය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද හිමි මේ බව පැවසුවේය.
මීට අමතරව මතින් තොර සමාජයක් බිහිකිරීම සඳහා අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙළ කරා යොමුවීමට ද මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකඟතාවකට පැමිණි බව ද පාහියන්ගල ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික හෙළ උරුමයද අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වා තම පක්ෂයේ සහය මෛත්‍රිපාල සිරිසේනට ලබාදෙන බව කියා සිටියේය.
Post a Comment