සැබෑ ආබාධිතයින් කවුදැයි ජනපති පහදයි

සැබෑ ආබාධිතයින් ලෙස සැලකිය හැක්කේ දෑස් පෙනෙන, දෙසවන් ඇසෙන නමුත් රටේ සංවර්ධනය නොපෙනන පිරිස බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වර්තමානයේ රටේ තිබෙන සාමය සහ සංවර්ධනය එම පිරිසට නොපෙනන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සවය අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.


“ තාක්ෂණයෙන් තොර තිරසාර සංවර්ධනයක්“ යන්න එහි තේමාවය.


එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙය ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.



Post a Comment