රාජිතගේ ෆයිල් 5ක්, ටැබ්ලට් පරිගණකයක් උස්සලා

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා විසින් සිය දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව කියන බේරුවල, දුම්රියපළ පාර, හෙට්ටිමුල්ලේ පිහිටි දෙමහල් නිවසකට ඇතුළු වූ පිරිසක් ලිපි ගොණු 5ක්, ටැබ්ලට් පරිගණකයක්, අයිපෑඩයක්, කිරිපිටි පැකට් 5ක් ඇතුළු රුපියල් 117,700ක් වටිනා උපකරණ තොගයක් සොරාගෙන ගොස් තිබේ.

ඊයේ රාත්‍රී මෙම සොරකම සිදුව ඇති අතර එම සිද්ධිය වන විට ඊයේ රාත්‍රී එම නිවසේ කිසිවෙකු සිට නැති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.


අදාළ නිවෙස හිටපු ඇමතිවරයා විසින් දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව පැවසෙන අතර එහි ආරක්ෂාවට යොදා සිටි මුරකරු ද ඊයේ රාත්‍රී එහි නොසිට ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන ඇත.


ඒ අනූව එහි මුරකරු මේ ගැන බේරුවල පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය පරික්ෂණ කටයුතු සඳහා සුනඛ ග්‍රේරෝගේ ද සහය ලබාගෙන තිබේ.



Post a Comment