මාලදිවයිනේ හටගෙන ඇති ජල ගැටලුවට පිළියම් වශයෙන් මෙරටින් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
මාලදිවයින් රජයේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
මාලදිවයින් අගනුවර ජනතාව මුණදී සිටින ජල ගැටලුවට පිළියම් ලෙස ජලය ලබාදීමට පියවර ගෙන ඇති බව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩබ්ලිව්.ජී.එන්.එච්.ඩයස් මහතා පවසයි.
මාලදිවයින් මාලය අගනුවරට පානීය ජලය ලබාදෙන පිරිපහදුවේ නළ ගිනිගැනීමට ලක්වීමට මෙම අර්බුදය උද්ගතව ඇත බව සඳහන්ය.
පානීය ජලය මුලාශ්‍ර නොමැතිවීම හේතුවෙන් පානීය ජලය ලබා ගැනීම මුහුදු ජලය පිරිපහදුවෙන් සිදු කෙරෙයි.
ප්‍රධාන පිරිපහදුව අකර්මන්‍යවීම හේතුවෙන් මාලයේ වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් ගැටලු සහගත තත්ත්වයකට මුහුණදී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, චීනය සහ අමෙරිකාව යන රටවලින් පානීය ජලය ලබාදෙන ලෙස මාලදිවයින් රජය විසින් ඉල්ලා ඇති බවද සදහන් වෙයි.

Post a Comment