සිරිපා සමය අදින් ඇරඹෙයි

අදට යෙදෙන උදුවප් පොහෝ දිනයේ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කෙරෙන බව සඳහන්ය.

පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඩුව සහ දේව ආභරණ ශ්‍රි පාදස්ථානය දක්වා වැඩම කරවීම ඊයේ(05) සිදුකෙරුණි.


සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද උදෑසනට යෙදෙන සුභ නැකතේදී ශ්‍රී පාද මුළුවේ තැන්පත් කෙරෙනු ඇත.


ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්වෙනුවෙන් පහසුකම් රැසක් සළසා ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා පැවසුවේය.



Post a Comment