මට්ටක්කුලියේ පුද්ගල ඝාතනයක්

මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව සඳහන්ය.


මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ෆාම් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.


පෞද්ගලක ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


ඝාතනය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට මේ වනවිටත් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment