තැපැල් ඡන්ද විමසීම සිදුවන ලබන 23 සහ 24 දිනවල දී හඳුනාගත් සහතික කිරීමේ නිලධාරී කාර්යාල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම මත පොලිස් මූලස්ථානය මෙම පියවර ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය, පළාත්, දිසාවන් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාශ පොලිස් අධිකාරී කාර්යාල, ජනාධිපති හා ඇමති ආරක්ෂක අංශ, පොලිස් අභ්‍යාස විද්‍යාල හා එවැනි විශේෂිත ඒකකවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම නියමිත පරිදි 23 සහ 24 යන දිනවල සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇත.
ආරක්ෂක සේවාවල නිරත වන එම විශේෂිත ඒකකවල නිලධාරීන් හැර සෙසු පොලිස් ස්ථානවල නිලධාරීන් 26 වැනිදා තැපැල් ඡන්දය භාවිත කළ යුතු බව පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.
එදිනට තැපැල් ඡන්දය භාවිත කළ නොහැකි පොලිස් නිලධාරීන් සඳහා ලබන 30 වන දින අදාළ පොලිස් ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී එම පහසුකම ලබාගත හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා පමණක් 23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
සුනාමියෙන් විපතට පත්වූවන් සැමරීම වෙනුවෙන් 26 වන දින එම දිස්ත්‍රික්කයේ සැමරුම් උත්සවයක් පැවැත්වීම ඊට හේතුවය.
මේ අතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාලවල සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන 30 වන දිනය වෙන්කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කර සිටියේය.

Post a Comment