මුහුදු ගිය ධීවරයෙක් මරුට - තවත් ධීවරයෙක් අතුරුදහන්

එරාවුර්, සවිකඩේ සහ මුතූර් සම්පූර් මුහුදු තීරවලින් ධීවර කටයුතු සඳහා ගිය බෝට්ටු දෙකක් පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 4.30ට පමණ සාම්පූර් මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බෝට්ටුවක් පෙරළීමෙන් 34 හැවිරිදි අයෙකු අතුරුදන්ව ඇති බවයි.


බෝට්ටුවේ ගමන් කළ තවත් දෙදෙනෙකු දිවිගලවාගෙන තිබේ.


සවිකඩේ මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී මුහුදට වැටී මියගිය 19 හැවිරිදි අයෙකුගේ මළ සිරුරක් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව එරාවුර් පොලීසිය සඳහන් කළේය.



Post a Comment