ව්‍යාජ ප්‍රචාරවලට සහ අවස්ථාවාදී පිරිස්වල උගුල්වලට හසු නොවන ලෙස ද ජනාධිපතිවරයා අක්කරෙයිපත්තුව බස්නැවතුම්පල අසළ දී ඊයේ(20) පස්වරුවේ පැවති ජනරැළියක් අමතමින් ප්‍රකාශ කළේය.
අයහපත් කාලගුණය ද නොසලකා විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඊයේ අක්කරෙයිපත්තුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය, ශ්‍රී මාර්ගාඩි මාණික්‍ය පුල්ලෙයාර් කෝවිල සහ මහාලාර් කුල්කදිරියා මුස්ලිම් පල්ලිය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබාගෙන තිබේ.
මේ අතර අම්පාර පොතුවිල් ප්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිවරයා සහභාගී වු බව ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරු මොඩලයක් වෙනුවට හඳුන්වා දී ඇති දේශීය ක්‍රමවේදය අනුව රට ඉදිරියට ගෙනයාමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Post a Comment