දකුණු අප්‍රිකානු දෙමළ සම්මේනලය නැමැති සංවිධානයක් විසින් විදේශ අපරාධ සඳහා වු විශේෂ ඒකකයේ කොමසාරිස්වරයා වෙත අදාළ චෝදනා ගොණු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජෙනරාල් ශ්‍රී ලාල් වීරසුරිය මහතා යුද හමුදාපති ධුරය දරණ සමයේ දී සිදුවු බව කියන සිද්ධීන් මුල්කර ගනිමින් මෙම යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලාල් වීරසුරිය මහතා මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ආරක්ෂක සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා එරටට ගොස් ඇති අතර ඔහුට දකුණු අප්‍රිකාවට ඇතුළුවීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ද අදාළ දෙමළ සංවිධානය විසින් දකුණු අප්‍රිකානු රජයට චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදළ සංවිධානය තුළ ලක්ෂ 06 ක පමණ පිරිසක් සාමාජිකත්වය දරණ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජාතිකයින් බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලාල් විජේසුරිය මහතාට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින්නේ දකුණු අප්‍රිකානු රජයටය.

Post a Comment