යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක්

යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ඩයස් මහතා ස්ථානමාරු කර තිබේ.

ඒ අනුව ඔහු රත්නපුර සහ කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


මේ අතර පොලිස් මුලස්ථානයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා යාපනය දිස්ත්‍රික්කය බාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.


කෙසේ වෙතත් මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ නීතියට අනුකූලව කිසිදු රාජ්‍ය සේවකයෙකු ස්ථානමාරු කිරීමක් සිදු කිරීමට හැකියාවක් නොමැත.


මේ සම්බන්ධයෙන් අද දෙරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සදහන් කළේ මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය යටතේ අදාළ ස්ථානමාරුවීම් සිදුකළ බවයි.



Post a Comment