ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ නියෝජිකටයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙයි.
අදාළ සාකච්ජාව සඳහා ඇප තැම්පත් කළ සියළුම ස්වාධීන කණ්ඩායම් වලට ද ආරාධනා කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කළේය.
අදාළ සාකච්ජා අද දිනය තුළ අවස්ථා කිහිපයක දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මේ අතර මැතිවරණ මහලේකම් කාර්යාලය අවට සහ කෝට්ටේ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක පුවරු හෙට දිනය තුළ දී ඉවත් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා අදාළ දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබේ.

Post a Comment