කවුරුන් කුමන ගිවිසුම් වලට පැමිණියද රටට ආදරය කරන සහෝදර දේශපාලන පක්ෂ සමඟ එක්වෙමින් ඉදිරියටම ගමන් කිරීමට තමන් සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජාති, ආගම්, කුළ භේදයකින් තොරව රටේ සියළු ජනතාවගේ ජීවිත නගාසිටුවීමට රජය ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලබන ජනවාරි මස 08 වැනිදායින් පසුව ජනතා ආශිර්වාදයත් සමගින් රටේ සියළු ජනතාවගේ ජන ජීවිත සමෘද්ධිමත් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
ඇඹිලිපිටිය මහජන පොළ ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
රුපියල් මිලියන 150 ක වියදමකින් ඉදිවුණු ඇඹිලිපිටිය මහජන පොළ අක්කර 03කින් සමන්විතය.
මෙම වෙළදපොළේ වෙළඳුන් දහසකට පමණ එකවර වෙළඳාම් කටයුතු කිරීමේ පහසුකම් සපයා ඇති අතර එය ස්ථිර වෙළඳසැල් 64 කින් සමන්විත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
පොළ අසළ පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යා කෙරෙමින් විශේෂිත මගී ගුවන් පාලමක්ද ඉදිකර ඇති බව සඳහන්ය.
Post a Comment