ඊට එරෙහිව තමාට කළ හැකි කිසිවක් නොතිබුණු බව හෙතෙම කියා සිටියේ අද(03) සෝලිස් හෝටලයේ පැවති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැතිවරණ තීරණය පිළිබඳ දැනුම්දීමට පැවති ෆොන්සේකා මහතාගේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එසේ වුවද ඉදිරියේදී ෆොන්සේකා මහතාට මුහුණදීමට සිදුවූවාටත් වඩා වැඩි ප්‍රතිවිපාකවලට තමාට මුහුණදීමට සිදුවිය හැකි බවත්, එහෙත් නිවටයෙකු ලෙස ජීවත්වීමට වඩා සත්‍යය වෙනුවෙන් ජීවිතය පුදකිරීම වටිනා බවත් ඔහු අවධාරණය කළේය.
ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් තමාට කරනු ලැබූ දේශපාලන යෝජනා සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡා කිරීමට කිසිවක් නොතිබුණු බවත්, සියල්ල රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට හා යහපාලනය ගොඩනැංවීමට කරනු ලබන එකී යෝජනාවන්ට තමා වහා එකඟවූ බවත් සිරිසේන මහතා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව අතරවාරයේ ප්රජාතන්ත්රවාදී පක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින් මේවන විට අහිමිකර ඇති ෆොන්සේකා මහතාගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කුමන ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනු ලබන්නේද යන්න පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසීමක් කළේය.
ඡන්ද අයිතිය ඇතුළු අහිමි කළ වරප්‍රසාද තමාගේ ජයග්රහණයෙන් පැය කිහිපයක් ඇතුළත ලබාදීමට නොපමාව පියවර ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Post a Comment