එය දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ නීතියට යටත්වන,අඬන්තෙට්ටම්වලට යටත්වන වරදක් බව සේනානායක මිය කියා සිටියේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක යනු බිමදාලා, පාගලා නිරුවත් කොට පාරේ දුවන්නට සැලැස්විය යුතු බවට එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළ බවත්, රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කරන ලද එකී ප්‍රකාශය ඉතාම නින්දාසහගත බවත් ඇය පෙන්වාදුන්නාය.
හිටපු ජනාධිපතිනියට එලෙස කිව හැකිනම් රටේ සාමාන්‍ය ජනතාව හා කාන්තාවන් අරබයා තත්ත්වය කෙබඳුවේදැයි සේනානායක මිය විමසා සිටියාය.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් අපරාධයක් සිදුව ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඇය කියා සිටියේ චන්ද්‍රිකා මැතිනිය විසින් එකී ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එලෙස ක්‍රියා කළ යුතු බවට තමන් ඇයගෙන් ඉල්ලා සිටින බවයි.
එසේම ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ජනවාරි මස 09 වන දින අලුත් නායකත්වයක් යටතේ මෙවැනි නින්දිත ක්‍රියාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රෝසි සේනානායක මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Post a Comment