ව්‍යාජ ලෙස සැකසු රත්‍රං කැබලි අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී රන් ආලේපිත බුද්ධ රූපය සහිත ව්‍යාජ රන් බෝල හා රත්‍රං කැබලි ග්‍රෑම් 623ක්, රන් ආලේප කිරීමට සුදානම් කර තිබු ඊයම් කැබලි ග්‍රෑම් 473ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 31 සහ 32 වන වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Post a Comment