මාතර, මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ කාන්තාවක විදෙස් ජාතිකයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ.
අද(31) දහවල් එම කාන්තාව මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පැවසුවේය.
එම අවස්ථාවේ දී මාතර නිල්වලා ගගේ බෝට්ටුවකින් සංචාරය කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් විසින් ඇය බේරාගෙන ඇති බව සඳහන්ය.
මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක බව පොලිසිය පැවැසුවේය.
ඇය මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment