ජනාධිපතිතුමා විසින් මෙරට තුළ යහපාලනයක් ඇතැයි ප‍්‍රකාශ කරන නමුත් මෙලෙස මැතිවරණ කොමසාරිස්ගේ නියෝග නොතකා මහා මාර්ග පුරා කටවුට්, තෝරණ් ගැසීම යහපාලනය දැයි හෙතෙම විමසා සිටියේ අද (17) ඇල්පිටියේ පැවති ජන රැළියකදීය.
මේ රට තුළ මාතෘත්වයට ඇති ගෞරවය නැති කරමින් පවතින බවත්, ළමා අපචාර, කාන්තා හිංසන, පහරදීම්, බියවැද්දීම් දිගින් දිගටම සිදුකරමින් සිටින බවත්, එහි යහපාලනයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
තමාට සෞඛ්‍ය අමාත්‍යාංශය බාරදුන්නත්, එය නිසි අකාරයෙන් පවතවාගෙන යාමට නොහැකි වූ බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් ජන රැළි වලදී චෝදනා කරන බව මෛත්‍රීපාල මහතා සිහිපත් කළේය.
නමුත් දූෂිත නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කර, සවසට අරලියගහ මන්දිරයට ඔවුන් කැඳවා රහසිගත උපදෙස් ලබා දෙමින් කටයුතු අඩපණ කරනු ලැබුවේ කවුරුන්දැයි මෛත‍්‍රීපාල මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.
යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කිරීමට ජනවාරි පළවෙනිදා විවාදයකට පැමිණෙන ලෙස තමා ජනාධිපති රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද ඔහු මෙහිදී යළි වරක් සඳහන් කළේය.

Post a Comment