නිට්ටඹුව - වීරසූරිය, කන්දපාර ප්‍රදේශයේ තිබී පැති බෝම්බ 02ක් සොයාගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ සුසාන භූමියක තිබී මෙම බෝම්බ 02ක සොයාගත් බව පොලිසිය පැවසුවේය.
කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 275ක බරකින් යුතු බෝම්බයක් සහ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 185ක බරකින් යුතු බෝම්බයක් මෙලෙස සොයාගෙන ඇති බව සඳහන්ය.
සොයා ගත් බෝම්බ 02 නිශ්ක්‍රීය කිරිමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment