කොස්ටරිකාවට පනින්න හැදූ ලංකාවේ දෙ‍න්නෙකුත් මාට්ටු

නීති විරෝධි අයුරින් කොස්ටරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු කොස්ටරිකානු ජාතික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් පැනමා රාජ්‍යයේ සිට කොස්ටරිකාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


එම පිරිස අතර නේපාල ජාතිකයින් 19 දෙනෙකු සහ ඝානා රාජ්‍යයේ පුද්ගලයින් දෙදෙනෙකු වන බව වාර්තා වේ.


වැඩිදුර විමර්ශන සඳහා එම පිරිස කොස්ටරිකාවේ ආගමන විගමන පරිපාලන කාර්යාලය වෙත බාරදී ඇති බව එරට ජාතික අමාත්‍යාංශය පවසයි.


පසුගිය කාලසීමාව තුළ නීති විරෝධී අයුරින් කොස්ටරිකාවට පැමිණෙන ආසියාතික සංක්‍රමණිකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට පොලීසිය සඳහන් කර ඇත.



Post a Comment