මෛත්‍රී හංසයා ලකුණින් එයි - ඇපත් බඳියි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා හංසයා ලකුණින් තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඔහු තරඟ කිරීමට නියමිතය.


ඒ අනූව මැතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ද අද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුවිය.


පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා ගොස් තිබිණ.


2010 ජනාධිපතිවරණයේදී සරත් ‍ෆොන්සේකා මහතා ද පොදු අපේක්ෂකයා ලෙස මෙම ලකුණ යටතේම තරඟ වැදිණ.



Post a Comment