බගවන්තලාව රෝහලේ වැඩ නවතියි

බගවන්තලාව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය වැඩ වර්ජනයක නිරත වෙයි.

අදාළ රෝහලේ වෛද්‍යවරුන්ගේ සේවය නිසි පරිදි ඉටු නොවන බව පවසමින් ප්‍ර දේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයකට විරෝධය පළ කිරීම සඳහා ඔවුන් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වන බව සඳහන්ය.


පසුගිය දා බගවන්තලාව ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය යන ලදී.


බගවන්තලාව රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම මරණ සිදුවු බව පවසමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරත වුණි.



Post a Comment