ඇමති මහින්දානන්දට අපහාස වුණාලු?-පොලීසියට පැමිණිල්ලක්

ටී.වී දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගිවූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම වැඩසටහන අතරවාරයේදී තමාට අපහාසවූ බව පවසා පොලීසියට පැමිණිලි කර තිබේ.

ඊයේ රාති‍්‍ර 10.00ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශයවූ වාදපිටිය වැඩසටහනට තමා සහභාගී වූ බවත්, එම වැඩසටහන පවත්වාගෙන යන අතරතුර දුරකථනයෙන් එයට සම්බන්ධවූ පුද්ගලයකු තමාට අපහාස වන ආකාරයෙන් කතා කළ බවත් පවසා ඊයේ රාති‍්‍ර 12.00 ට පමණ අමාත්‍යවරයා මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.


තවද අදාළ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත්, ඔහුට විරුද්ධව අපහාස නඩුවක් පැවරීමට තමා බලාපොරොත්තු වන බවත්, අමාත්‍යවරයා විසින් සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Post a Comment