පොළොන්නරුව - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
මහිංගනයේ සිට කදුරුවෙල බලා ධාවනය වු බස් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ අයිනේ නවතා තිබු ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය, පොළොන්නරුව, ගිරාන්දුරුකෝට්ටේ සහ මහිංගනය යන රෝහල් වලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
Post a Comment