අතුරුදන් කෑගල්ලේ වෙදා දුම්රිය මැදිරියකින් හමුවෙයි

අතුරුදන්ව සිටි කෑගල්ල රෝහලේ වෛද්‍යවරයා හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරියක් තුළ සිටියදී සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ පෙරවරුවේ සිට මෙම වෛද්‍යවරයා අතුරුදන්ව සිටි බවයි.


මේ වනවිට වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.



Post a Comment