පස් කණ්ඩිය ඥාතියා බිලි ගනී

පේරාදෙණිය, මුරුතලාව, දෙහිගම ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම නිවස අසළ පිහිටි පස් කන්දක් නිවස මතට කඩාවැටීම හේතුවෙන් එම නිවසට පැමිණ සිටි ඥාති පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 44 හැවිරිදි කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.


පස් කන්ද කඩාවැටීම හේතුවෙන් මියගොස් පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ඊට යට වී ඇත.


ඔවුන් මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.


සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment