දකුණු අධිවේගයෙන් 8ක් රෝහලට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ සිට ගැලනිගම බලා ධාවනය වු වැන් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරෙන් වැන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.


අනතුර සම්බන්ධයෙන් මොටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment