එසේ වුව ද උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් අද දිනයේ කඩින් කඩ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කන්කසන්තුරෙයි සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල කඩින් කඩ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 25000ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ජලාශ රැසක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නායයෑමේ අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මන්නාරම - පුත්තලම මාර්ගය සහ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.
මේ අතර මඩකලපුව ත්‍රීකුණාමලය දුම්රිය මාර්ගය හැර සෙසු දුම්රිය මාර්ගවල ධාවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියේය.
ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමට සිදුව තිබුණා.

Post a Comment