හම්බන්තොට නගරයේදී වීදි නාට්‍යය කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
අද උදෑසන එල්ල වු මෙම ප්‍රහාරයෙන් හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායකවරයා තුවාල ලබා ඇති බව සඳහන්ය.
හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට විපක්ෂනායකවරයා පොලීසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව හම්බන්තොට සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ විමර්ශන සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Post a Comment