සාමවිනිසුරුවන්ගේ සංසදය අද (21) මහනුවරදී අමතමින් හෙතෙම මේ බව පැවසීය.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය සිකුරාදා එළිදැක්වූ බවද, ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදක්වන බවට ආරංචි වී ඇති බවද, පැවසූ හකීම් මහතා කියා සිටියේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලා තීන්දුවක් ගැනීම ලේසි පහසු නැති බවයි.
ඉදිරි මැතිවරණය ගැන කතා කිරීමේදී ඇතැමුන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා කියන්න පුළුවන් බවත්, කෙසේ වුවද තීන්දු ගැනීමේදී සිය ආගමික නායකයින් කියන දේත් සැලකිල්ලට ගැනීමට සිදුවන බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.
මේ නිසා දැන් තමාට සිදුව ඇත්තේ “ ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී කතාව මෙන්ම “දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්“ යැයිද ඔහු කියා සිටියේය.
කෙසේ හෝ සියලු දෙනාගේම අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරදෙන්න අල්ලා දෙවියන් වහන්සේ මට පිහිටවනු ඇතැයි ද රවුෆ් හකීම් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

Post a Comment