රට රැකියාවට ගිය කතක් සියදිවි නසාගනියි

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක සියදිවි හානිකරගෙන තිබේ.

ඇය සේවය කරමින් සිටි නිවසේ නාන කාමරය තුළ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව එරට පොලීසිය සඳහන් කළේය.


අදාළ නිවසේ හිමිකරු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව මෙම සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.


කෙසේ වෙතත් අදාළ කාන්තාව සියදිවි හානිකරගෙන ඇති ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.


වයඹ දිග සෞදි අරාබියේ කෆ්ජි නරගයේ පිහිටි නිවසක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.



Post a Comment