ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තමන් රට පාලනය කරන්නේ පොළොන්නරුවේ සිට යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
එසේම තමන් ජනාධිපතිවරණය ජය ගත්තද ජනාධිපති මන්දිරයට පා තැබීමට සූදානමක් නොමැති බවද ඒ මහතා කියයි.
ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් තමන්ට දුරකථනයෙන් කතා කරමින් වේදනාව පළ කරන බවද හෙතෙම කියා සිටියි.
පොළොන්නරුවේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

Post a Comment