වැල්ලව, වේරගල ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මඩකලපුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වු දුම්රියක ගැටීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 65 හැවිරිදි වේරගල නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මේ අතර මඩකලපුව - කල්මුණ ප්‍රධාන මාර්ගයේ ආරියම්පති පල්ලිය අසළ දී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව වන අතර පැදිකරු ද තුවාල ලබා ආරියම්පති රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

Post a Comment