ඉන්ධන මිල පහළ දැමුවද තවමත් පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන බව වාර්තා වෙයි.
ඊයේ(05) මාධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කෙරුණි.
ඒ අනුව මෙතෙක් රුපියල් 157ක් වු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 150 දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 165 සිට 158 දක්වා පහත දැමෙන බව ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ෆෝස්ටාර් වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 140 සිට රුපියල් 133 දක්වා පහත දැමෙන බවත්, නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 118 සිට රුපියල් 111 දක්වා දක්වා පහත දමා ඇත.
මෙතෙක් රුපියල් 86 කට අලෙවි කෙරෙනු භූමිතෙල් ලීටරයක් රුපියල් රුපියල් 81ක් දක්වා පහත දමා තිබේ.
කෙසේ වෙතත් සංශෝධිත මිල ගණන් වලට ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් නොකෙරෙන බව පාරිභෝගිකයන් අද දෙරණට කියා සිටියේය.

Post a Comment