පාසල් නිවාඩුව 5දා - සිසුන්ට ගුරුවරුන්ට මාසයක් නිවාඩු

මෙම වසරේ තෙවන පාසල් වාරය ලබන 5 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සිංහල හා දෙමළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය මෙලෙස ලබන 5 වැනිදා අවසන් වන බව සඳහන්ය.


ඒ අනුව 2015 වසරේ පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 05 වැනිදා ආරම්භ වේ.


එම පාසල් වාරය අප්‍රේල් මස 8 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.


මේ වසරේ මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරය ලබන පස්වන දිනෙන් අවසන් වී පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා ආරම්භ වීමට නියමිතය.


එම පාසල් වාරය අප්‍රේල් මස 10 වන දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.



Post a Comment