සජිත්ට මඩ ගහන්න බැරිවෙයි - මුද්‍රණාල හිමිකරුට පොලිස් ඇප

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එම පක්ෂයේ නමින් ව්‍යාජ පොතක් මුද්‍රණය කළ බව කියන පන්නිපිටියේ මුද්‍රණාලයක්, සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙක්ගේද සහය ඇතිව වටලා පොත් තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ මුද්‍රණාලයක හිමිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුට පොලිස් ඇප ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.


ඊයේ රාත්‍රී 9ට පමණ එම මුද්‍රණාලය වටලා ඇත්තේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙක්, ඇතුළුව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි.


“සජිත්ගේ බලකාම් සිහිනය බොඳකරන නවීන්ගේ සිරිකොත ආගමනය” ලෙසට එහි නම සඳහන් කරමින් මෙම පොත මුද්‍රණය කර ඇත.


එකී පොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතින් මුද්‍රණය කරන ආකාරයට මුද්‍රණය කර තිබී ඇතැයි පොලීසිය කියයි.


එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදුන් තොරතුරක් මත එකී මුද්‍රණාලය වටලා ඇති අතර සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවද පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.



Post a Comment