අසිරිමත් නත්තල අදයි

ලොව පුරා කිතුනු බැතිමතුන් අද (25) අසිරිමත් නත්තල සමරයි.

සාමයේ පුවත රැගෙන මෙලොවට වැඩම කළ ජේසු බිළිඳුන්ගේ අසිරිමත් උපත සිහිකිරීම නත්තල් දිනයේ සිදුකෙරෙයි.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ අලුත් ඉගැන්වීම් සමඟ උන්වහන්සේගේ උපත මානව වර්ගයාගේ විමුක්තියට මඟපෑදු බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.


අනෙකාට ප්‍රේම කරන ලෙසත්, සහෝදරත්වයෙන් වෙලී ජීවත්වන ලෙසත්, ක්‍රිස්තුස්වහන්සේ දේශනා කළ ධර්මයේ සඳහන්ය.


මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රි අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්ව‍යෙන් මොරටුව කඩලාන ශාන් අන්තෝනි දෙව් මැදුරේදී සිදු කෙරුණි.



Post a Comment