යතුරු පැදියේ ගිය තුන්දෙනාම මරුට

කඩුවෙල - හංවැල්ල මාර්ගයේ නවගමුව, රනාල ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිසිය සඳහන් කළේ බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


අනතුරෙන් යතුරුපැදිකරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ රනාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.



Post a Comment