පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී තිබේ.
මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පැල්මඩුල්ල නගරයේ සැරසිලි කටයුතු කරමින් සිටිය දි එම ස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
එහිදි තුවාල ලැබු මන්ත්‍රීවරයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.
පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment