පෝය දින‍යේදීත් දඩයම් කරලා - අයෙක් මාට්ටු

උඳුවප් පොහොය දිනය වන අද දිනයේ සතුන් දඩයමේ ගිය පුද්ගලයෙකු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්ල, හල්පෙ ප්‍රදේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


කෙසේ වෙතත් මියගිය වැලි මුවෙකුගේ මළ සිරුරක් ද සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබි සොයාගෙන තිබේ.


ඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment