හොරණ - කයිකාවල - කනන්විල ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දියණිය විසින් තම පියාව මෙලෙස ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ 66 හැවිරිදි කයිකාවල ප‍්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.
දියණිය සහ පියා අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණයවී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් දියණිය අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment