බීමතින් රිය පදවා දෙදෙනෙකුට මරු කැඳවූ ලාන්ස් කෝප්‍රල් යළි රිමාන්ඩ්

බීමත්ව අපරීක්ෂාකාරී ලෙස බවුසරයක් ධාවනය කර මාරක රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා යළිත්වරක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා පියරත්න මහත්මිය නියෝග කර ඇත.


පසුගිය නොවැම්බර් මස 16 වැනිදා පස්වරුවේ අනුරාධපුර මහවීදිය ප්‍රදේශයේ දි සැකකරු ධාවනය කළ බවුසරයට යටවීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් සහ තවත් කාන්තාවක් මියැදුණි.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු තවත් පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අනුරාධපුර තිසාවැව කඳවුරට අනුයුක්තව සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකි.



Post a Comment