කටවුට් ගැහුවේ පාක්ෂිකයින් - ඒ උපන්දිනයට සුබපතන්නයි

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් ගසා ඇත්තේ පාක්ෂිකයින් විසින් බවත්, ඒ ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබ පැතීමට බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

එම කටවුට් ගසා ඇත්තේ ඔවුන් පක්ෂයේ අනුදැනුමකින් තොරව බවද, එසේ වුවත් එම කටවුට් නාමයෝජනා බාරදුන් පසු ගලවන බවද, අමාත්‍යවරයා අද (05) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.


මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියන බවත්, ඒසේ නම් ඒ කියන අයගේ හදවතේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.


එජාපය එකල මැතිවරණ වලදී ඡන්ද දූෂණ කළ බවද, පැවසූ අමාත්‍යවරයා ඡන්දදායකයාට වලංගු හැඳුනුම්පතක් අවශ්‍ය බවට යෝජනා කර ක්‍රියාත්මක කළේ වත්මන් රජය බවද, කියා සිටියේය.


මේ නිසා මැතිවරණ ක්‍රියාවලිය විනිවිද භාවයකින් යුක්තව පැවැත්වීමට රජයට හැකියාව ලැබී ඇතැයිද ඔහු පෙන්වාදුන්නේය.


නවීන් දිසානායක හිටපු ඇමතිවරයාට රුපියල් මිලියන 100ක් ලබාදී ඔහු විපක්ෂයට යාම වළක්වා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති කතා බහ ගැන මාධ්‍යවේදියෙකු‍ෙග් පැනයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ “එයාට එච්චර ඔෆර් කරන්න චරිතයක්දැයි” යනුවෙනි.


කිස‍ිවෙකුත් මුදල් දී තියා ගැනීමට අවශ්‍ය නැති බවද, යන අයෙකුට යා හැකි බවද, එසේ දීමට අපි ළඟ මුදල් නැති බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.



Post a Comment