ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජීවත්වන දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව භාරතීය ජනතා පක්ෂය පවසයි.

භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති අමිත් ෂා පෙන්වා දෙන්නේ තමිල්නාඩුව ඇතුළු ඉන්දියාවේ දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවලට ශක්තිමත් වැඩපිළිවෙළක් වත්මන් රජයෙන් බලාපෙරොත්තු වන බවයි.


චෙන්නායිහි මාරියාමලෙයිනගර් ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් අමිත් ෂා මෙම අදහස් පළ කර තිබේ.


එහිදි අදහස් දැක්වු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රවාහන හා නාවුක අමාත්‍ය පොන් රාධක්‍රිෂ්නන් පෙන්වා දී ඇත්තේ මෝදී රජයෙන් තමිල්නාඩු දෙමළ ජනතාව වෙනුවෙන් පසුගිය මාස 6 තුළ වැඩි ප්‍රතිලාභ ලැබී ඇති බවයි.


විශේෂයෙන්ම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට පියවර ගත යුතු බව රාධ ක්‍රිෂ්ණන් මහතා පෙන්වා දී තිබේ.



Post a Comment