මුස්ලිම් කොංග්‍රසයේ අර්බුදයක්?

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව වාර්තා වෙයි.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කරන බවට එම පක්ෂයේ නියෝජිතයින් චෝදනා එල්ල කරයි.


මුස්ලිම් කොංග්‍රසයේ එක් පාර්ශවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ යුතු බවට ප්‍රකාශ කරන අතර තවත් පාර්ශවයක් පවසන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදිය යුතු බවයි.


ඒ පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්විය යුතු වුවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊට දිනයක් ලබාදී නොමැති බව පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


මේ හේතුවෙන් පක්ෂය තුළ බරපතළ ගැටලු රැසක් මතුව ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය



Post a Comment