ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ රැස්වූ අදාළ දිස්ත්‍රික්ක හයේ ධීවර සංගම් මෙම තිරණය ගෙන ඇති බව ඉන්දි මාධ්‍ය වාර්තා කළේය.
රාමනාදපුරම්, තිරුවාරුර්, තංජාවුර්, නාගපට්නම්, කරයිකාල් සහ පුදුකොට්ටෙයි යන දිස්ත්‍රික්ක හයේ ධිවර සංගම් මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව ඔවුන් කිසිදු හේතුවක් මත ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය නොකරන බව පවසා ඇත.
මෙම සාකච්ඡාවේ දි දැනට ශ්‍රි ලංකා අත්අඩංගුවේ පසුවන ධිවරයින් 38දෙනෙකු නිදහස් කරගැනිම ඇතුළු ධිවර ගැටළු කිහිපයක් පිළීබඳ සාකච්ඡා කළ බව යාන්ත්‍රික බෝට්ටු හිමිකරුවන්ගේ සුභ සාධක සංගමයේ සභාපති එන්.කුට්ටියාන්ඩික් ඉන්දිය මාධ්‍ය වෙත පවසා තිබේ.
එමෙන්ම ශ්‍රි ලංකා අත්අඩංගුවේ පවතින ධීවර යාත්‍රා සහ දැල් ඇතුළු උපකරණ නිදහස් කරගැනිම සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම රජය ඇතුළු ප්‍රාන්ත බලධාරින් වෙත යෝජනාවක් ඉදිරිපත් කිරිමට මෙහිදි එකඟතාවයකට පැමිණ ඇත.

Post a Comment