හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේ තරුණයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
අදාළ තරුණයා සිය නිවසේ බාල්කයක ලණුවක් ආධාරයෙන් එල්ලී සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
සිය බිරිඳගේ අනියම් සබඳතාවයක් පිළිබඳ දැන ගැනීමෙන් පසු ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් අදාළ තරුණයා සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
මියගොස් ඇත්තේ දියතිලකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment